hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 28, ප.ව. 6:28



සජිත් ප්‍රේමදාස මහතා අත්තේ වසා සිටින්නේ අත්තේ හයියට නොව තට්ටේ හයියට බව විජිත් විජයමුණි සොයිසා මහතා කියා සිටියා.

ඒ ඊයේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

එහිදී ඒ මහතා මෙසේ ද අදහස් දක්වා සිටියා,

අපේ නායකතුමාට එහෙම කියන්න බැහැ. මේක ලේසි බඩුවක් නෙවෙයි. මෙයත් එක්ක හැරෙන්නත් බැහැ. මෙයත් එක්ක වැඩ කරන්නත් බැහැ. මෙයත් එක්ක ඇමතිකම් කරනන්ත් බැහැ. මොකද හත්තිලව්වේ ප්‍රේමදාස මහත්තයා නැගිට්ටේ 4ට. මම දන්නේ නැහැ මෙයා පාන්දර තුනට නැගිටිනවද කියලා.”

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක මහතාගේ දේශපාලන අතීතය සම්බන්ධයෙන් විශේෂ හෙළිදරව්වක් ද විජිත් විජයමුණි සොයිසා මහතා සිදු කළා.

එහිදී මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට අනුර දිසානායක මහතා කටයුතු කළ ආකාරය රටට අනාවරණය කිරීමට ඔහු පියවර ගත්තා.