hit counter

2024 දෙසැම්‍බර් මස 20 වන සිකුරාදා

2022 අප්‍රේල් 25, ප.ව. 4:14



පිවිතුරු හෙළ උරුමය මීට ටික මොහොතකට පෙර විශේෂ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූවා.

ඒ එහි නායක උදය ගම්මන්පිල මහතාගේ ප්‍රධානත්වයෙන්.

විශේෂ හෙලිදරව්ව

එහිදී ගම්මන්පිල මහතා විශේෂ හෙළිදරව්වක් කළා.

ඒ ආණ්ඩුවට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ජයග්‍රහණය කිරීම සඳහා අවශ්‍ය කෙරෙන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු 113 කගේ සහය තිබෙන බවට.

එම සංඛ්‍යාව මේ වන විට 120 දක්වා වර්ධනය වී ඇති බවද ඔහු හෙළිදරව් කළා.

විපක්ෂයේ විශ්වාසභංගය

විපක්ෂය වන සමගි ජන බලවේගය විසින් ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට තිබෙන සූදානම සම්බන්ධයෙනුත් ගම්මන්පිල මහතා එහිදී එහිදී අදහස් දැක්වූවා.

ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුවට එරෙහි මන්ත්‍රීවරුන් 113 කගේ සහාය හදා ගන්නේ නැතිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ආවොත් ඉන් සිදුවන්නේ එය විශ්වාසභංගයක් නොව ආණ්ඩුවට විශ්වාසය පළ කරණ යෝජනාවක් බවට පත්වන බව එම පාර්ශ්වයට පෙන්වා දුන් බවයි.

එනිසා 113 හදා ගන්නා තුරු පොඩ්ඩක් සිටින ලෙස සමගි ජන බලවේගයෙන් ඉල්ලීමක් කළ බව ඔහු අනාවරණය කරනවා.

දැන් 113 වෙනුවට 120 ක්ම හැදී තිබෙන බව ගම්මන්පිල මහතා පෙන්වා දෙනවා.

ආණ්ඩුව ඉල්ලා අස්වන්නේ නැතිනම් අනිවාර්යෙන්ම ඒ විශ්වාසභංග යෝජනාව මේ සතිය තුල භාරදෙන බව ඔහු සඳහන් කරනවා.