hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 09, පෙ.ව. 9:18



වන ජීවී හා වන සම්පත් සංරක්ෂණ රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දුන් ඩී.වී. චානක මන්ත්‍රීවරයා ඉදිරියේදී ඒ වෙනුවට විදුලි බල සහ බලශක්ති රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිව්රුම් දීමට නියමිතයි.

විදුලි බල හා බලශක්ති කැබිනට් අමාත්‍ය කංචන විජේසේකර විසින් එම අමාත්‍යංශයට රාජ්‍ය අමාත්‍යවරයෙකු පත් කළ යුතු බවට මීට පෙර දැනුම් දී තිබෙන නිසා එම රාජ්‍ය අමාත්‍ය ධූරයට පත්වීමට තමා ස්වේච්ඡාවෙන් ම ඉදිරිපත් වූ බව ද මේ පිළිබඳ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුවත් කළ බව ද අදාළ කරුණ පිළිබඳව කළ විමසීමේදී ඩී.වී. චානක මන්ත්‍රීවරයා කියා සිටියා.

එම අමාත්‍ය ධූරයේ තමා අද (09) හෝ හෙට (10) දිවුරුම් දෙන බව ද ඩී.වී. චානක මන්ත්‍රීවරයා සඳහන් කළා.

ඇමැති ධූරයේ දිවුරුම් දී පැයක වැනි කාලයකදී මන්ත්‍රීවරයා මේ බව ජනාධිපතිවරයාට දැනුම් දී තිබෙනවා.

ඒ අනුව ඩී.වී.චානක මන්ත්‍රීවරයාට විදුලිබල හා බලශක්ති රාජ්‍ය අමාත්‍ය ධුරය ලබාදීමට ජනාධිපතිවරයා තීරණය කර තිබෙනවා.

විදුලිබල හා බලශක්ති රාජ්‍ය ඇමැති ධුරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඉන්දික අනුරුද්ධ මහතාද ජනාධිපතිවරයා ඉදිරිපිට (08) පෙරවරුවේ දිවුරුම් දුන්නා.

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා ලෙස කටයුතු කරන්නේ කාංචන විජේසේකර මහතායි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: