hit counter

2025 මැයි මස 23 වන සිකුරාදා

2022 ජූලි 07, පෙ.ව. 11:05



රාජ්‍ය ආයතන 4ක් සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් පත් කර තිබෙන බව වාර්තා වනවා.

දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලිගමගේ මහතා පවසන්නේ දකුණු පළාත් සභාවට අයත් දකුණු පළාත් සංවර්ධන අධිකාරිය, කාර්මික සංවර්ධන අධිකාරිය, දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරිය සහ දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරිය යන අධිකාරි සදහා නව සභාපතිවරු සිව් දෙනෙකු පත්කළ බවයි.

මෙම අධිකාරිවල නව සභාපතිවරුන් ලෙස පත්කොට ඇත්තේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රිවරු සිව් දෙනෙක්.

ඒ අනුව දකුණු පළාත් සංවර්ධන අධිකාරියේ නව සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි ආරියවංශ සම්මු, කාර්මික සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි එස්.පි ආනන්ද, දකුණු පළාත් මාර්ගස්ථ මගි ප්‍රවාහන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා මන්ත්‍රි අරුණ ගුණරත්න, දකුණු පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිවරයා ලෙස හිටපු දකුණු පළාත් සභා චම්ලි විතානාච්චි යන මහත්වරුන් පත් කර තිබෙනවා.

ආණ්ඩුකාරවරයාගේ ඉල්ලිමකට අනුව මෙකි අධිකාරිවල මිට පෙර සභාපතිවරු ලෙස කටයුතුකරමින් සිටි සභාපතිවරු සිව් දෙනා ඉල්ලා අස්වු අතර එම ඉල්ලා අස්විමෙන් ඇතිවු පුරප්පාඩු සදහා නව සභාපතිවරුන් පත්කොට තිබෙනවා. 

රුහුණු සංචාරක කාර්යාංශයේ සභාපතිවරයාටද ඉල්ලා අස්වන ලෙස දැනුම් දි ඇති බව පවසන දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ඔහුගේ ඉල්ලා අස්විමෙන් පසු රුහුණු සංචාරක කාර්යංශය සදහාද නව සභාපතිවරයකු පත්කරන බව සදහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: