2022 මැයි 19, ප.ව. 4:07
සියලුම මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් සැපයෙන දිවා ආහාර වේල රටේ ජනතාව මුහුණදී සිටින ආර්ථික දුෂ්කරතා සැලකිල්ලට ගෙන අත්හිටුවන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක් කතානායකවරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු 53 දෙනෙකු සිය අත්සනින් යුතුව සකස් කෙරුණු ලිපියක් කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට අද (19) බාර දී තිබෙනවා.
රටේ ජනතාව අද එක වේලක් හෝ ගත නොහැකිව අසීරුතාවයට පත්ව සිටින මොහොතක මන්ත්‍රීවරුන්ට සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ සාමාජිකයන්ට දිවා ආහාර වේල සැපයීම සඳහා විශාල වියදමක් දැරීම අසාධාරණ බවද මන්ත්‍රීවරු පිරිස ඒ ලිපියෙන් පෙන්වා දෙනවා.
පාර්ලිමේන්තු රැස්වීම් දවස පුරා පැවැත්වෙන අවස්ථාවලදී පමණක් වෙළෙඳපොළේ පවතින මිල ගණන් යටතේ බත් පාර්සලයක් ලබාදීමට කටයුතු කරන ලෙසද ඔවුන් ඉදිරිපත් කළ ලිපියේ දැක්වෙනවා.
මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තුවෙන් දිවා ආහාරය සැපයීම ආර්ථික අර්බුදය පවතින තාක් අත්හිටුවන ලෙස මන්ත්‍රී පිරිස
එම ලිපියෙන් වැඩිදුරටත් ඉල්ලා තිබෙනවා.
මෙම ලිපියට අත්සන් තබා ඇති පිරිසට සිසිර ජයකොඩි, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී දොලවත්ත, කපිල අතුකෝරාල, ජානක තිස්ස කුට්ටිආරච්චි, සහන් ප්‍රදීප් විතාන ශාන්ත බණ්ඩාර, චරිත හේරත්, ලලිත් වර්ණ කුමාර, සමන්ප්‍රිය හෙරත් අරුන්දික ප්‍රනාන්දු, ඉන්දික අනුරුද්ධ පියල් නිශාන්ත ද සිල්වා, නාලක ගොඩහේවා, මහාචාර්ය චන්න ජයසුමන, ගයාෂාන් නවනන්දන, මධුර විතානගේ, පවිත්‍රා වන්නිආරච්චි කෙහෙළිය රඹුක්වැල්ල, ගාමිණී වලේබොඩ ඇතුළු මන්ත්‍රීවරු 53 දෙනෙක් ඇතුළත් වනවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11