2022 නොවැම්‍බර් 13, පෙ.ව. 10:34
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ රට පුරා පැවැත්වීමට සැලසුම් කළ රැස්වීම් මාලාව තාවකාලිකව අත්හිටුවා ඇති බව එම පක්ෂ ආරංචි මාර්ග පැවසුවා.
මේ අවස්ථාවේ පොහොට්ටුවේ දේශපාලන රැස්වීම් පැවැත්වීම එතරම් සුදුසු නොවන බවට පක්ෂයේ මැති ඇමතිවරුන් පිරිසක් පෙන්වා දී තිබෙනවා.
එනිසා මෙම රැස්වීම් මාලාව තාවකාලිකව නතර කර ඇතැයි වාර්තා වනවා.
මුලින්ම පාක්ෂිකයන් ගැන බලා, පක්ෂය සංවිධානය කර,ඉන් අනතුරුව, මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම් පැවැත්වීම වඩාත් සුදුසු බව එම මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.
ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා හිටපු ජනාධිපතිවරයා හමුවූ අවස්ථාවකදී ඔහුට ද මේ බව පෙන්වා දී ඇතැයි වාර්තා වනවා.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දේශපාලන රැස්වීම් මාලාව කළුතරින් ආරම්භ කර, නාවලපිටිය සහ ආණමඩුව යන ප්‍රදේශවල මීට පෙර පැවැත්වුණා.
තවත් දිස්ත්‍රික්ක කිහිපයක එම රැස්වීම් පැවැත්වීමට දින ද වෙන්කර තිබුණා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11
21-12-22
21-12-22
19-12-22
19-12-22
17-12-22
17-12-22
17-12-22
17-12-22
14-12-22
14-12-22
13-12-22
13-12-22
12-12-22
12-12-22
11-12-22
11-12-22
10-12-22
10-12-22
09-12-22
09-12-22
09-12-22
09-12-22
09-12-22
09-12-22