hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 13, ප.ව. 8:47



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශේෂ නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ දැක්වෙන්නේ රට තුළ වහාම නීතිය හා සාමය පරිපූර්ණ ලෙස ස්ථාපිත කරන ලෙස වැඩබලන ජනාධිපතිපතිවරයාගෙන් සහ ආරක්‍ෂක අංශ වෙතින් දැඩිව ඉල්ලා සිටින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඒ සඳහා පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බවද එහි සඳහන්.

රට හමුවේ පවතින ප්‍රචණ්ඩකාරී කණ්ඩායම්වල හැසිරීම බරපතල ලෙස සැළකිල්ලට ගතයුතු බව කියන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නීතිය හා සාමයට ඉහළින් කිසිවක් තිබිය නොහැකි බව ද සඳහන් කරනවා.

සම්මත නීතියත් ව්‍යවස්ථාපිත ආයතන ව්‍යුහයත් ඊට අදාල ආයතනික ක්‍රියාවලියත් නිසි ලෙස ක්‍රියාත්මක වීමට එරෙහිව කටයුතු කිරීමට හෝ ඊට බාධා කිරීමට කිසිසේත්ම ඉඩ තැබිය නොහැකි බවත් ඒ හේතුවෙන් සියලු පුරවැසියන්ගේ ආරක්‍ෂාව සහ ජීවත්වීමේ අයිතිය සුරක්‍ෂිත කිරීමට වාහාම පියවර ගතයුතු බවත් එම නිවේදනයෙන් අවධාරණය කරනවා.