hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 19, පෙ.ව. 7:56



මේ වන විට ස්වාධීන වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමේ දෙදෙනකු ආණ්ඩුව සමග එක් වී සිටිනවා.

ඒ රාජ්‍ය අමාත්‍ය ධුරවල දිවුරුම් දුන් ශාන්ත බණ්ඩාර හා ආචාර්ය සුරේෂ් රාගවන් යන මහත්වරුන්.

ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී

එහෙත් ශ්‍රීලනිපය නියෝජනය කරන ජ්‍යෙෂ්ඨයකු කැබිනට් ඇමැති ධුරයක් ප්‍රතික්ෂේප කළ බව දැනගන්නට තිබෙනවා.

ඒ මොනරාගල දිස්ත්‍රික්කය නියෝජනය කරන ජගත් පුෂ්ප කුමාර මහතායි.

කලක් මහින්ද රාජපක්ෂ මහතාගේ ඉතා කිට්ටු හිතවාදියෙකු ඔහු 2015 ජනපති වූ මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ගොඩ නැගූ යහපාලන ආණ්ඩුවට එකතු වුණා.

යහපාලන ආණ්ඩුව

සිරිසේන මහතාට සහාය දැක්වීම නිසාම 2015 මහ මැතිවරණයේදී පරාජය වු පුෂ්පකුමාර මහතා 2020 මහ මැතිවරණයේදී යළිත් පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.