hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 15, පෙ.ව. 9:26



තමා සමගි ජන බලවේගය සමග සන්ධානගත වූ බවට පළවන මාධ්‍ය වාර්තා ජනතාව නොමග යවනසුළු යැයි සඳහන් කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රිනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ, තමා විපක්‍ෂ නායකවරයා මුණගැසුණේ 2023 අයවැයේදී පොදුවේ විපක්‍ෂය ලෙස ක්‍රියා කිරීම ගැන සාකච්ඡා කිරීමට බවයි.

මේ අතර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජයරත්න හේරත් මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, එම සාකච්ඡාව සිදුවුණේ පාර්ලිමේන්තුවේ කථික ලැයිස්තුවේ කාලය ලබා ගැනීම ආදී කරුණු සාකච්ඡා කිරීමට මිස ස.ජ.බ. සමග සන්ධානගතවීමට නොවන බවයි.

ජෝන් සෙනෙවිරත්න මන්ත්‍රීවරයා මාධ්‍යයට පවසා තිබුණේ, තමා පැහැදිලිව ම ජනාධිපතිවරයාට සහය දෙන බවයි.