hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 23, පෙ.ව. 2:30



තමන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අසීරුම අවස්ථාවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය රැකගත් බවත් මොන බාධක කම්කටොලු පැමිණියද තමන් ශ්‍රී නිදහස් පක්ෂය හැර නොයන බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසනවා.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (22) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මාධ්‍යවේදියෙකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

“මේ තීරණය ගත්තේ රට ගැන හිතල. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තමයි මුලින්ම සර්ව පාක්ෂික ආණ්ඩුවක් යෝජනා කළේ. රට හදන්න නම් ස්ථාවර ආණ්ඩුවක් තියෙන්න ඕන. මස් රාත්තලම ඉල්ලන හරියන් නැහැ. අපිත් කැපකිරීමක් කරන්න ඕනේ. එහෙම කළොත් තමයි මේ වැටිච්ච ආගාධයෙන් අපට ගොඩ එන්න පුළුවන් වෙන්නේ.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: