hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 20, පෙ.ව. 9:53



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ශාන්ත බණ්ඩාර මහතා මේ වන විට රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දී වැඩ කටයුතු කරනවා.

පක්ෂයේ මතයට පිටින් යමින් බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධූරයක දිවුරුම් දීමට පෙර ඒ සම්බන්ධයෙන් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතා දැනුවත් කළ බවට තොරතුරු වාර්තා වුණා.

මාධ්‍යයට කළ ප්‍රකාශය

එසේ තොරතුරු වාර්තා වුණේ තමන් රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට පෙර ඒ සම්බන්ධයෙන් සිරිසේන මහතාව දැනුවත් කළ බවට ශාන්ත බණ්ඩාර මහතා මාධ්‍ය අමතා කළ ප්‍රකාශ නිසා.

එහෙත් ඒ මතය හිටපු ජනපතිවරයා ප්‍රතික්ෂේප කළා.

දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව බණ්ඩාර මහතා රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිවුරුම්දුන් ඉකුත් 11 වැනිදා හිටපු ජනපතිවරයාගේ නිවසට ගොස් තිබෙනවා.

පක්ෂ නායකයාට කියූ දේ

ඔබතුමාට අගමැතිකමවත් දෙන්නේ නැහැනේ යයි එහිදී සිරිසේන මහතා අමතා බණ්ඩාර මහතා ප්‍රකාශ කරමින් සුහදව කතා බස් කොට පිටව ගිය බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

ඒ අවස්ථාවේ තමාට රාජ්‍ය ඇමතිකමක් හිමි වන බව ඔහු සිරිසේන මහතාට දැනුම් දී නැහැ.

එසේ පිටව ගොස් පැයකට පමණ පසු බණ්ඩාර මහතා ආණ්ඩුවේ රාජ්‍ය අමාත්‍යධූරයක දිවුරුම් දුන්නා.