2022 නොවැම්‍බර් 22, පෙ.ව. 10:52
සෞඛ්‍ය රාජ්‍ය ඇමැතිනි විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ තමන්ට V 8 වර්ගයේ සුපිරි ජීප් රථයක් ලබා දෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කර ඇතැයි ජාතික පුවත්පතක් වාර්තා කර තිබෙනවා.
මේ වනවිට රාජ්‍ය ඇමැතිවරියට බෙන්ස් වර්ගයේ මෝටර් රථයක් සහ බී. එම්. ඩබ්ලිව්. වර්ගයේ මෝටර් රථයක් ලබා දී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රවාහන කොට්ඨාසයේ වාර්තා අනාවරණය කර තිබෙනවා.
මෙම වාහන දෙකට අමතරව මෙම V 8 වර්ගයේ සුපිරි රථය ඉල්ලා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග පැවසුවා.
මේ වනවිට එම රථය පරිහරණය කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (මහජන සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය ලක්ෂ්මි සෝමතුංගයි.
අතිරේක ලේකම්වරිය එම ජීප් රථය ලබා දීමට අකැමැති වී ඇති බවද සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආරංචි මාර්ග සඳහන් කළා.
කෙසේ වෙතත් පසුගිය මැයි මස නවවැනිදා පැවති ආණ්ඩුව ඉවත්වීමෙන් පසු සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා කැබිනට් අමාත්‍යවරයකු පත් කළද එම අවස්ථාවේදී රාජ්‍ය අමාත්‍යවරයකු පත් කර තිබුණේ නෑ.
ඒ අනුව හිටපු රාජ්‍ය අමාත්‍යවරුන් භාවිත කළ මෝටර් රථ අතිරේක ලේකම්වරු දෙදෙනකු භාවිතයට ගත් බවද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
මීට ඉහතදීත් රාජ්‍ය ඇමැතිවරිය කුඩයක් ඉල්ලීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සමාජයේ ආන්දෝලයක් ඇති වුණා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11
21-12-22
21-12-22
19-12-22
19-12-22
17-12-22
17-12-22
17-12-22
17-12-22
13-12-22
13-12-22
12-12-22
12-12-22
11-12-22
11-12-22
10-12-22
10-12-22
09-12-22
09-12-22
08-12-22
08-12-22
05-12-22
05-12-22
05-12-22
05-12-22