2022 අප්‍රේල් 27, ප.ව. 12:46
ආණ්ඩුවට එරෙහිව අත්සන් කරන ලද විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තුවට භාර නොදීම සම්බන්ධයෙන් සමගි ජන බලවේගයට චෝදනාවක් එල්ල වනවා.
එසේ චෝදනා කරන්නේ ස්වාධීන වූ මන්ත්‍රීවරයෙක් වන වාසුදේව නානායක්කාර හිටපු ඇමතිවරයායි.
ඩීල් පිළිබඳ චෝදනා
ඔහු සඳහන් කරන්නේ සජිත් ප්‍රේමදාස හා බැසිල් රාජපක්ෂ යන මහත්වරුන් අතර දේශපාලන ඩීල් එකක් ඇති බැවින් එම විශ්වාසභංග යෝජනාව ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන බවයි.
එම චෝදනාවට සමගි ජන බලවේග නායක , විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (27) මාවනැල්ලේදී පිළිතුරු දුන්නා.
ඒ සමගි ජන බලවේගය සංවිධානය කරන නිදහසේ පා ගමන වැඩපිළිවෙළේ දෙවැනි දින ආරම්භ කරමින්.
විනාශ කළ පිරිස
ඒ සඳහා පැමිණි ජනතාව අමතා විපක්ෂ නායකවරයා සඳහන් කළේ 69 ලක්ෂයක ජනපතිවරයෙක් සහ 2/3 ක බලයක් සමග ආණ්ඩුවක් නිර්මාණය කොට ඒ පිරිස සමග එකතු වී රට විනාස කළ හොර පිරිසක් සමග සමගි ජන බලවේගයේ කිසිම ඩීල් එකක් නැති බවයි.
අද (27) ජාත්‍යන්තර කපුටු දිනය බවද මතක් කරමින් ඔහු වැඩි අදුරටත් සඳහන් කළේ බැසිල් රාජපක්ෂ මහතාගේ කටු ලෙව කෑ පිරිස් තමන් ඒ හොරු සමග ඩීල් දාන බවට චෝදනා කරන බවයි.
දැන් තිබෙන්නේ ආණ්ඩුව ඇතුලේම අර්බූදයක් බවත් කොටසක් අගමැති නොගොස් ජනපතිට යන්න කියන බවත් තවත් කොටසක් ජනපති නොගොස් අගමැතිට යන්න කියන බවත් පෙන්වා දෙන විපක්ෂ නායකවරයා ඒ ගනුදෙනුවට සමගි ජන බලවේගය දායක නොවන විට ඩීල් තිබෙන බවට චෝදනා එල්ල කරන බව සඳහන් කරනවා.
ලක්ෂ 220 ක ජනතාව
ඔහු වැඩි දුරටත් කරන්නේ තමාගේද ඩීල් එකක් තිබෙන බවත් එය තිබෙන්නේ මේ මහ පොළොවේ පය ගසා ජීවත් වන ලක්ෂ 220 ක ජනතාව සමඟ බවයි.
තමාට චෝදනා කරන පිරිස හැරෙනකොටම මොකාටද හැරෙන්නේ යයි තමන් දැන සිටි බවත් විපක්ෂ නායකවරයා හෙළිදරව් කරනවා.
දැන් පසුගිය ජනපතිවරණයේදී මෙන් යළිත් ඇන්දවීමට එම පිරිස උත්සාහ ගන්නා බවට චෝදනා කරන විපක්ෂ නායකවරයා ඒ හොරු රැල සමග තමාගේ කිසිදු සම්බන්ධයක් නැති බව අවධාරණය කරනවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11