2022 අප්‍රේල් 22, පෙ.ව. 10:41
වත්මන් අග්‍රාමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂ මහතා සමග ආණ්ඩුව ඉදිරියට ගෙන යෑම සඳහා මන්ත්‍රීවරුන් ලිඛිතව කැමැත්ත පළ කළ බව ආණ්ඩු පාර්ශවයෙන් ප්‍රකාශ වුණා.
එම තීන්දුව ගත්තේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමකදී.
විශේෂ හෙලිදරව්ව
එම තීන්දුව ගත් රැස්වීම පිළිබඳව විශේෂ හෙළිදරව්වක් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (22) පාර්ලිමේන්තුවේදී සිදු කළා.
ඒ එම රැස්වීමට සහභාගි වූ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව සම්බන්ධයෙන්.
එම සාකච්ඡාවට සහභාගි වූ මන්ත්‍රීවරුන්ගේ සංඛ්‍යාව 88 දෙනෙක් බවයි විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුව හමුවේ හෙළිදරව් කලා.
බහුතරය කෝ
විපක්ෂ නායකවරයා එම හෙළිදරව් කළේ ප්‍රශ්නයක්ද පැන නඟිමින්.
ඔහු ප්‍රශ්න කළේ පාර්ලිමේන්තුවේ බහුතරය වන 113 කගේ සහය කෝ යන්නයි.
ඊට ආණ්ඩු පාර්ශ්වයෙන් කිසිවකුත් ප්‍රතිචාර දැක්වුයේ නැහැ.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11