hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 24, ප.ව. 3:02



මරික්කාර් බිය ,හිරුණිකා බිය,රෝසි බිය  තිබුනත් එය තුන් බිය නො වේ යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමගි ජන ජනබලවේගයේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා කී කතාවකට පිළිතුරු දෙමින් පැවසුවා.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය ට සහභාගී වෙමින් මුජුබුර් රහුමාන් මහතා පැවසූයේ දැන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට තුන්බිය වැළඳී ඇති බවයි.

එම කතාවට පාර්ලිමේන්තුවේදී පිළිතුරක් ලබා දෙමින් ජනාධිපතිවරයා මෙසේද සඳහන් කර සිටියා,

“ජනාධිපතිතුමා ගේ සිතේ තුන්බිය ඇති වී ඇතැයි මුජුබුර් රහුමාන් මහතා පැවසුවා.තුන්බිය  පුද්ගලයෙකුට හැදෙන්න බෑ.තුන්බිය ඇති වුණේ විශාලා මහනුවර. එය ජනතාවට ඇතිවුණු දෙයක්.රෝග බිය  මරණ බිය ,අමනුෂ්‍ය බිය, එය ජන සමූහයකට ඇතිවෙන්න පුළුවන්. එතුමාට එය පැහැදිලි කර ගන්න  රතන සූත්‍රය ට ඇහුම්කන් දෙන්න. කිසිවිටෙක පුද්ගලයෙක්ට තුන් බිය හැදෙන්නේ නැහැ.”





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: