hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 20, පෙ.ව. 8:31



සමගි ජන බල​ සන්ධානයේ විශේෂ රැස්වීමක් පසුගියදා පැවැත්වුණා.

ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ ප්‍රධානත්වයෙන්.

පලනි දිගම්බරන් මන්ත්‍රිවරයා හැර සෙසු පක්ෂවල නායකයින් ඊට සහභාගි වී තිබෙනවා.

“අපි ජනාධිපතිවරයා සමග සර්ව පාක්ෂික ආණ්ඩුවක් බිහි කිරීම සඳහා සාකච්ඡා කළ යුතුයි” එහිදී සමඟි ජනබල සන්ධානයේ නායකයින් පෙන්වා දී තිබෙනවා.

ඒ සඳහා ජනාධිපතිවරයා සමග සාකච්ඡා කිරීමට පක්ෂයේ මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර, තිස්ස අත්තනායක හා ලක්ෂ්මන් කිරිඇල්ල යන මන්ත්‍රිවරුන්ගෙන් යුත් කමිටුවක්ද පත් කර තිබුණා.

මේ අතර සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරු පිරිසක් ආණ්ඩුව සමග එක්වීමට සූදානම් වන බවට වාර්තා පළ වුණා.

ඒ අතරින් රාජිත සේනාරත්න මන්ත්‍රිවරයා අයවැය ඉදිරිපත් කරන දින ආණ්ඩුවට එක් වන බවට මත ප්‍රචාරය වුවත් ඔහු සිටියේ සමගි ජන බලවේග කර්යාලයේ බවයි වාර්තා වුණේ.

කෙසේ වෙතත් සමගි ජන බලවේගයේ මන්ත්‍රිවරුන්ට ඇමැති ධුර දීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රිවරු කිහිප දෙනකු සිය අප්‍රසාදය ප්‍රකාශ කර තිබෙනවාත

ඒ අතර ජොන්ස්ටන් ප්‍රනාන්දු, රෝහිත අබේගුණවර්ධන ප්‍රධාන වනවා.

ඔවුන් ප්‍රකාශ කරන්නේ අපට නොදී ජනාධිපතිවරයා සමගියට ඇමැති ධුර දෙන්නෙ කෙසේද යන්නයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: