hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 08, පෙ.ව. 8:17



රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමට පෙර ජනාධිපතිවරයා එම ධූරය භාර ගන්නැයි තමන්ට ආරාධනා කළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී, ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පවසනවා.

ඔහු මේ බව පැවසූවේ ඊයේ (07) පාර්ලිමේන්තුවේදී ය.

එම තනතුර භාර ගැනීමට තමන් ජනාධිපතිවරයාට කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කළ බවද ෆොන්සේකා මන්ත්‍රීවරයා සඳහන් කළා.

තමන් එම කොන්දේසි ඉදිරිපත් කිරීමෙන් පසු පැය කිහිපයක් ඇතුළත ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතා කැඳවා අග්‍රාමාත්‍ය ධූරය භාර දුන් බවයි හෙතෙම සඳහන් කළේ.

එහෙයින් රනිල් වික්‍රමසිංහ මහතාට අග්‍රාමාත්‍ය ධූරය ලබා ගැනීමට පාර කැපුණේ තමන් නිසා බවත් අගමැති පුටුවේ සිටින අතරේ තමන්ට ද පින් අනුමෝදනා කිරීමට වික්‍රමසිංහ මහතා අමතක නොකළ යුතු බවත් සරත් ෆොන්සේකා මහතා සඳහන් කළා.

එම වීඩියෝව පහතින්,

https://youtube.com/watch?v=vR_rbffw7WM




ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: