2022 අප්‍රේල් 20, පෙ.ව. 8:17
මේ වන විට නව කැබිනට් මණ්ඩලය දිවුරුම් දී තිබෙනවා.
එහිදී හිටපු කැබිනට් මණ්ඩලයේ බොහෝ පිරිසකට සිය ඇමැති ධුර අහිමි වුණා.
හිටපු ඇමතිවරු
එසේ සිදු වූ කැබිනට් සංශෝධනය පිළිබඳව තවත් තොරතුරු මේ වන විට වාර්තා වනවා.
දැනගන්නට තිබෙන තොරතුරුවලට අනුව නව ඇමති මණ්ඩලයට ඇතුලත් නොවූ හිටපු කැබිනට් ඇමතිවරු කිහිප දෙනෙකු වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයා පෙනී සිට තිබෙනවා.
අග්‍රාමාත්‍ය වරයාගේ ඉල්ලීම වී තිබෙන්නේ සරත් වීරසේකර , රෝහිත අබේගුණවර්ධන , ජොන්ස්ටන් ප්‍රනාන්දු , ගාමිණී ලොකුගේ , එස් එම් චන්ද්‍රසේන යන හිටපු ඇමතිවරු යළි කැබිනට් මණ්ඩලයට ඇතුලත් විය යුතු බවයි.
හිටපු ඇමතිගේ සහාය
අග්‍රාමාත්‍යවරයාගේ එම අදහසට බැසිල් රාජපක්ෂ මහතාගේද සහය හිමිව තිබෙනවා.
එහෙත් ජනපතිට හිතෛෂී පිරිස් ජනපතිවරයාට පෙන්වාදී තිබෙන්නේ එම පිරිසට යළි ඇමැතිකම් දුන්නොත් ජනතාව තව තවත් කලකිරෙනු ඇති බවයි.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11