hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 20, ප.ව. 12:35



අනුප්‍රාප්තික ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා වන පාර්ලිමේන්තු ඡන්ද විමසීම පෙරවරු 11.45ට අවසන් වුණා.

ජනාධිපතිවරණ ඡන්ද වල වලංගු අවලංගු භාවය පිළිබඳව දැන් පාර්ලිමේන්තු මහ ලේකම්වරයා ප්‍රමුඛ නිළධාරී මණ්ඩලය නිරීක්ෂණය කළා.

ඡන්ද  වලංගු අවලංගු භාවය නිරීක්ෂණය කිරීමෙන් අනතුරුව ඡන්ද ගණන් කිරීම ඇරැඹෙයි. ඒ අනුව ඡන්ද ගණන් කිරීම් කටයුතු ආරම්භ වුණේ පෙරවරු 11.46ට.

අදාළ ඡන්ද විමසීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 අතරින් ඊට සහභාගි වී සිටියේ මන්ත්‍රීවරුන් 223ක් පමණයි.

ඒ අනුව ඔවුන් 223 දෙනා ප්‍රකාශයට පත් කරන ලද ඡන්ද අතුරින්, ඡන්ද 219ක් වලංගු ඡන්ද වූ අතර ඡන්ද 4ක් අවලංගු ඡන්ද ලෙස තේරීම් භාර නිලධාරී ධම්මික දිසානායක මහතා ප්‍රකාශ කළා.