hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 11, ප.ව. 1:43



විපක්ෂය නියෝජනය කරන ප්‍රබල දේශපාලනඥයෙකු ඉදිරියේදී ආණ්ඩුවට එක්වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

ඔහු කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු බවයි වාර්තා වන්නේ.

එම ආරංචි මාර්ග පැවසුවේ 21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සම්මතවීමෙන් අනතුරුව මෙම මන්ත්‍රීවරයා ආණ්ඩු පක්ෂයට එක්වනු ඇති බවයි.

රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යධූරයට පත් කිරීමෙන් පසුව ද ඔහුට ආණ්ඩුවට එක්වන ලෙසට ආරාධනා කර ඇති නමුත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබුණා.

කෙසේවෙතත් මීට දින දෙකකට පෙරද කළුතර දිස්ත්‍රික්කය නියෝජනය කරන එම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී සාකච්ඡා කර තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: