2022 අප්‍රේල් 28, ප.ව. 1:11
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා රට මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා උපදෙස් මාලාවක් ලබා දෙනවා.
ඔහු එසේ උපදෙස් ලබා දෙන්නේ වත්මන් ආර්ථික අර්බුදය අද ඊයේ ඇති වූවක් නොව කාලාන්තරයක් තිස්සේ පැමිණ අද උග්‍ර අතට හැරී ඇති බව මතක් කර දෙමින්.
මන්ත්‍රීවරයාගේ පණිවිඩය
මන්ත්‍රීවරයා නොකියා කියන්නේ වත්මන් අර්ථික අර්බූදයට තමන් නියෝජනය කරන පොදුජන පෙරමුණ ආණ්ඩුව වගකිව යුතු නැති බවයි.
ජනපතිවරයාද මීට ටික දිනකට පෙර ජාතිය අමතමින් සඳහන් කළේත් ඒ මතයමයි.
රාජපක්ෂ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ ප්‍රථමයෙන්ම දේශපාලන ස්ථාවරයක් රට තුළ ඇති කරගත යුතු බවයි.
ආර්ථික අර්බුදයට විසදුම් සෙවිය යුත්තේ ඉන් පසුව බවයි මන්ත්‍රිවරයාගේ යෝජනා වන්නේ.
වැඩි අවධානය
මේ අවස්ථාවේ වැඩි අවධානය යොමු කළ යුත්තේ රටේ ආර්ථිකය සංවර්ධනය කිරීමේ වැඩ පිළිවෙළක් පිළිබඳව බවයි නාමල් රාජපක්ෂ මහතා අවධාරණය කරන්නේ.
මේ වන විට රටේ දේශපාලන පක්ෂ ක්‍රියාත්මක වන ආකාරය ගැනද ඔහු සිය මතය ප්‍රකාශ කරනවා.
එක් කණ්ඩායමක් “ගෝඨා ගෝ” කියන අතර විපක්ෂයේ දේශපාලන පක්ෂ පා ගමන් යන බවද පෙන්වා දෙන මන්ත්‍රීවරයා ආන්ඩුවේ පිරිස දෙකට බෙදී 113 තිබෙන්නේ කාටද යන්න සොයන බව සඳහන් කරනවා.
එසේ ප්‍රකාශ කරන ඔහු පෙන්වා දෙන්නේ ඒ කිසිවකින් රටේ ප්‍රශ්නයට උත්තර නොලැබෙන බවයි.
සියල්ලන්ගේම වගකීම
ඒ නිසා දේශපාලනය කරන සියලු දෙනාමත් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දෙනාමත් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර පැත්තකින් තබා රටේ ප්‍රශ්න විසඳීමට මැදිහත්වීම වඩාත් සුදුසු බව ඔහු අවධාරණය කරනවා.
උණ අමාරුවට ඇඟේ අමාරුවට දෙන බෙහෙත් දී හරියන්නේ නැති නාමල් රාජපක්ෂ මහතා සඳහන් කරනවා.
නාමල් රාජපක්ෂ මහතා හිටපු ක්‍රීඩා ඇමතිවරයා වන අතර එම ඇමති ධූරයෙන් ඉල්ලා අස් වීමෙන් පසු යළිත් ඔහුව ජනපතිවරයා විසින් ඇමැති ධුරයකට පත් කළේ නැහැ.
ඒ නිසා අද සාමාන්‍ය මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන නාමල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ මාධ්‍ය අමතමින්.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11