2022 අප්‍රේල් 27, පෙ.ව. 2:21
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති , හිටපු ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉතා සූක්ෂම , කෛරාටික දේශපාලනඥයෙක්.
සිය දේශපාලන තුරුම්පු ගැසීමට සුදුසු වේලාව එනතුරු බලා සිටි ඔහු ඉතා වැදගත් දේශපාලන රහස් කිහිපයක් එළිදරව් කරනවා.
ආණ්ඩුවේ බහුතරය
ඒ ආණ්ඩුවේ බහුතරය හා නව අගමැතිවරයා සම්බන්ධයෙන්.
ඔහු සඳහන් කරන්නේ ආණ්ඩුව තමන්ට පාර්ලිමේන්තුවේ බහුතරයක් තිබෙන බව සඳහන් කලත් තමන් දන්නා විදියට එවැනි බහුතරයක් ආණ්ඩුවට නැති බවයි.
හිටපු ජනපතිවරයා එසේ සඳහන් කරන්නේ බහුතරය තිබෙන්නේ තම පාර්ශ්වයට බවත් එම සංඛ්‍යාව රහසක් බවත් පෙන්වා දෙමින්.
නව අගමැති
එනිසා තම පාර්ශ්වය යෝජනා කරන අන්තර් වාර පාලනය සඳහා නව අගමැතිවරයෙකු පාර්ලිමේන්තුව තුළින් තෝරාගත යුතු බව හිටපු ජනපතිවරයා අවධාරණය කරනවා.
එය පාර්ලිමේන්තුවේ පක්ෂ විසින් සාකච්ඡා කොට සිදු කරනු ඇති බවයි ඔහු අනාවරණය කරන්නේ.
එම අන්තර් වාර පාලනයේ අගමැති ධුරය බාර ගැනීම සඳහා තමන් තුළ බලාපොරොත්තුවක් නැති බවද ඔහු හෙළිදරව් කරනවා.
හිටපු ජනපතිවරයා මෙම කරුණු හෙළිදරව් කළේ වැදගත් තීන්දු රැසක් ගත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය නැගූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින්.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11