hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 23, ප.ව. 12:31



තමන් රාජ්‍ය අමාත්‍යවරයෙක් බව දැන්නේ නැතිදැයි රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් මහතා කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ප්‍රශ්න කළා.

අද  පාර්ලිමේන්තුවේදී ඔහු මෙම ප්‍රශ්න කිරීම සිදු වූවා.

කථානායකවරයා හා රාජ්‍ය අමාත්‍යවරයා අතර ඇතිවූ සංවාදය පහතින්,

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – ඔව් චාමර සම්පත් මන්ත්‍රීතුමා කියන්න.

රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා – ගරු කථානායකතුමා මම මන්ත්‍රී ‌නෙමෙයි. මට රනිල් වික්‍රමසිංහ මහතා ඇමතිකමක් දුන්නා. ඔබතුමා ඒ්ක දන්නේ නැත්ද? මට රාජ්‍ය ඇමතිකමක් දුන්නා රනිල් වික්‍රමසිංහ මහත්තයා ඒතුමට පිං සිද්ධ වෙන්න.

කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා – සමාවෙන්න ඇමතිතුමා.

රාජ්‍ය ඇමති චාමර සම්පත් මහතා – මන්ත්‍රීතුමා කියන්න එපා. ඔබතුමා මේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න. න්‍යාය පත්‍රයට වැඩ කරන්නේ නැති ප්‍රශ්නෙන් තියෙන්නේ.