2022 අප්‍රේල් 20, ප.ව. 5:00
කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා එකිනෙකාට චෝදනා කර ගත්තේ පැරණි ජනප්‍රිය චිත්‍රපටයක නමක්ද කියමින්.
දෙදෙනා අතර එසේ චෝදනා කර ගැනීමට හේතු වූයේ සියලු පක්ෂ නායකයින් ඉල්ලා සිටින්නේ නම් තමා ජනපති ධුරයෙන් ඉවත්වීමට සූදානම් බවට ජනපතිවරයා කතානායකවරයාට ප්‍රකාශ කළා යැයි යන ප්‍රකාශයක් මුල්කොටගෙන.
ධුරයෙන් ඉවත් වීම
ඒ බැව් කතානායකවරයා පක්ෂ නායක රැස්වීමේදී ප්‍රකාශ කළ බව විපක්ෂ නායකවරයා පාර්ලිමේන්තුවේදී දැනුම් දුන්නේ කතානායකවරයා ඉදිරියේමයි.
ඒ අවස්ථාවේදී කතානායකවරයා විපක්ෂ නායකවරයා කළ එම ප්‍රකාශය ප්‍රතික්ෂේප කළේ තමන් එවැන්නක් නොකියූ බව සඳහන් කරමින්.
එහිදී විපක්ෂ නායකවරයා කතානායකවරයා අමතා සඳහන් කළේ කතානායකවරයා කියන්නේ බොරු බවත් ඒ නිසා තමා ඔහුව “ටොම් පචයා” නමින් හඳුන්වන බවයි.
කථානායකවරයාගේ ප්‍රතිචාර
ඒ අවස්ථාවේ ඊට ප්‍රතිචාර දක්වමින් කතානායකවරයාද සඳහන් කළේ තමාද විපක්ෂ නායකවරයා “ටොම් පචයා” ලෙස හඳුන්වන බවයි.
“ටොම් පචයා” චිත්‍රපටය 70 දශකයේදී මෙරට ප්‍රේක්ෂකයන් අතර ඉතා ජනප්‍රිය වූ චිත්‍රපටයක් වූ අතර එහි ප්‍රධාන චරිතයක් රඟපෑවේ අභාවප්‍රාප්ත විකට නළු ප්‍රෙඩී සිල්වා මහතායි.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11