2022 අප්‍රේල් 23, පෙ.ව. 7:05
දයාසිරි ජයසේකර හිටපු රාජ්‍ය අමාත්‍යවරයා , ජනපතිවරයා ප්‍රමුඛ අග්‍රාමාත්‍යවරයාට බරපතළ චෝදනාවක් එල්ල කලා.
එම චෝදනාව එල්ල කළේ පාර්ලිමේන්තුව අමතමින් කළ කතාවකදී.
මහ මැතිවරණය
ඒ 2020 අගෝස්තු මහ මැතිවරණයෙන් පසු පත් කළ කැබිනට් මණ්ඩලය මුල් කොටගෙන.
2/3 ක බලයක් සහිතව ලැබූ එම මැතිවරණ ජයග්‍රහණයෙන් පසු හොරු ටික ඇමතිවරු ලෙස පත් කොට පාර්ලිමේන්තුවේ පලවෙනි පේලියේ වාඩි කළ බවයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම්වරයාද වන ජයසේකර මහතා අනාවරණය කරන්නේ.
එහෙත් ඒ හොර නඩය කවුරුන්ද යන්න නම් ගම් සමග ඔහු හෙළිදරව් කළේ නැහැ.
ඔහු වැඩි දුරටත් සඳහන් කරන්නේ ආණ්ඩුව ගැන ජනතාව තුළ තිබූ විශ්වාසය බිඳ වැටීම ආරම්භ වූයේ ඒ අවස්ථාවේදී බවයි.
නවක තරුණ ඇමතිවරු
ජයසේකර මහතා එසේ චෝදනා කළේ අලුතින් පත්ව සිටින තරුණ ඇමති මණ්ඩලය පිළිබඳව සිය සතුටද පළ කරමින්.
හොරු නොවන පිරිසක් ඒ තරුණ ඇමතිවරු අතර සිටින බවට සහතිකයක්ද ශ්‍රී.ල.නි.ප මහ ලේකම්වරයා දෙනවා.
මේ වනවිට ජයසේකර මහතා ස්වාධීන මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කරන අතර පාර්ලිමේන්තුවේ විපක්ෂයේ අසුන් ගෙන සිටිනවා.
2022 දෙසැම්බර් 23, පෙ.ව. 11:01
2022 දෙසැම්බර් 23, පෙ.ව. 10:44
2022 දෙසැම්බර් 23, පෙ.ව. 9:16
2022 දෙසැම්බර් 22, ප.ව. 1:55
2022 දෙසැම්බර් 21, පෙ.ව. 8:11