2022 සැප්‍තැම්‍බර් 28, පෙ.ව. 6:30
වර්තමානයේ ශ්‍රී ලාංකේය සමාජය තුළ ජනතාවගේ මානසික සෞඛ්‍ය පිරිහීමක් තිබෙන බව එදිනෙදා ප්‍රවෘත්ති දකින විට අපට පෙනී යනවා.
අපාරාධ, මිනිමැරීම්, අපයෝජන, සිය දිවි නසා ගැනීම් යනාදී නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියාවල වැඩි වීමක්ද නිරීක්ෂණය කළ හැකියි.
එබැවින් මීට හේතු වන කාරණා සොයා බලා, පවත්නා අර්බුද තත්ත්වය අවස්ථාවක් කර ගෙන ඊට කඩිනම් පිළියම් යෙදීමට කාලය එළැඹ තිබෙනවා.
මේ පිළිබඳව කැලණිය විශ්වවිද්‍යාලයීය කාර්යමණ්ඩල සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ, වෛද්‍ය පීඨයේ වෛද්‍ය අධ්‍යාපනය අධ්‍යයන අංශයේ ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය පවිත්‍රා ගොඩමුන්නේ මහත්මිය පුවත්පතක් සමඟ කළ සාකච්ඡාවකට එක්වී අදහස් දක්වා තිබෙනවා.
තරුණ ප්‍රජාව තුළ ප්‍රචණ්ඩත්වය වර්ධනය වීමට මේ තත්ත්වය බලපාන්නේ කෙසේද පිළිබඳව ඇය මෙසේ අදහස් දක්වා සිටියා,
“විශේෂයෙන්ම තරුණ ප්‍රජාවගේ රැකියා සුරක්ෂිතතාව පිළිබඳ පවත්නා අවිනිශ්චිතභාවය හා විරැකියාව මානසික සෞඛ්‍යයට අහිතකරව බලපෑමෙන් සමාජයේ නොයෙකුත් ප්‍රචණ්ඩ ක්‍රියා වර්ධනය වීම සිදු වෙනවා. මනෝ විද්‍යාවේ උගන්වන Frustration-Aggression න්‍යායට අනුව අපි හැමෝටම දැන් කරකියා ගන්න දෙයක් නැතුව ඉන්නේ. ආර්ථික අර්බුදය ඇති වීමට විවිධ හේතු බලපෑවත් ඒ කිසිම පුද්ගලයකුට හෝ ආයතනයකට එරෙහිව තමන්ට කිසිවක් කරකියා ගත නොහැකි වුණාම මිනිසුන් කලකිරීමට පත් වෙනවා. එතකොට ඒ ඉච්ඡාභංගත්ව පීඩනය පිට කරන්නේ වෙන කෙනකු පිටින්.
ඒ නිසා ප්‍රචණ්ඩත්වය නිර්මාණය වෙනවා. තරුණ ප්‍රජාව තුළ කැකෑරෙන තරහ පිට කරන්න විධියක් නැතිකොට පවුල තුළ හෝ මහමඟ හෝ සමාජයේ ඕනම සම්බන්ධතාවක ප්‍රචණ්ඩත්වය ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන්ම මධ්‍යම පන්තිය නියෝජන කරන පිරිස තුළ ඇතිවන උගත් අසරණභාව (Learned helplessness) ප්‍රචණ්ඩත්වයේ විවිධ මුහුණුවර තුළින් මතු වෙනවා.
අරමුණු බිඳ වැටීම නිසාත්, ඉච්ඡාභංගත්වය නිසාත් තරුණ උගත් පිරිස රට හැර යනවා. රට හැර යෑමට නොහැකි උගත් පන්තිය අසරණ වීමෙන් ආතතිය වැඩි වී ඉන් විශාදයට ගොදුරු වෙනවා. අනෙක් අතට මෙය ආක්‍රමණශීලීත්වය හා සිය දිවි නසා ගැනීම් වැඩි වෙන්න හේතු වෙන්න පුළුවන්.
කොහොමත් ලෝකයේ සිය දිවි නසා ගැනීම් වැඩි රටවල් අතර ශ්‍රී ලංකාව ඉහළ තැනක හිටියේ. ඒක දැන් තව දුරටත් ඉහළ යන්න පුළුවන්. ඒ විතරක් නොවෙයි, සමාජය තුළ මානසික ආතතිය වැඩි වන විට මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වීමේ වර්ධනයක් දකින්න පුළුවන්. මින් තරුණ ප්‍රජාව ප්‍රචණ්ඩ ක්‍රියා හා අපරාධවලට යොමු වීමත් වැඩි වෙනවා. ඒවගේම පවුල් ප්‍රශ්න වැඩි වෙනවා. දික්කසාද වීම් වැඩි වෙනවා. විවාහ සංස්ථාව බිඳ වැටීමට ලක් වෙනවා.”
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31