hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 12, ප.ව. 8:29



ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ අද යළිත් හෙට (13) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ අනුව ඔහු යළිත් බන්ධනාගාරය වෙත රැගෙන යන අවස්ථාවේදී බන්ධනාගාර බස් රථය තුළ සිට මාධ්‍ය වෙත අදහස් දැක්වුවා.

“මේ රටේ මිනිසුන්ගෙ ප්‍රශ්න කතා කරන එකට කියන්නෙ ත්‍රස්තවාදය කියලා නම්, අපි ලෑස්තියි තව අවුරුදු ගාණක් හිරේ ඉන්නෙ. හැබැයි තක්කඩි ආණ්ඩු ඉස්සරහ දණ ගහන්නේ නෑ.”