hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 22, ප.ව. 3:13



ජාතික ජන බලවේගය නියෝජනය කරන විජිත හේරත් මන්ත්‍රීවරයාට අද (22) පාර්ලිමේන්තුවේදී අපූරු කථාවක් කිරීමට හැකි වුණා.

ඒ තමන්ගේම නම තිබෙන කෙනෙකු පිළිබඳව අදහස් දැක්වීමට ලැබීම.

නව සභාපතිවරයා

විජිත හේරත් මන්ත්‍රීවරයා එසේ කතා කළේ ලිට්‍රො ගෑස් සමාගමේ නව සභාපතිවරයා වන විජිත හේරත් මහතා ගැනයි.

විජිත හේරත් මන්ත්‍රීවරයා සඳහන් කළේ නව ලිට්‍රෝ සභාපති ලෙස විජිත හේරත් මහතා පත් කළාට ඉන් ගෑස් අර්බුදයට පිළියම් යෙදෙන්නේ නැති බවයි.

ඒ ගෑස් ගෙන්වීම සඳහා ණයවර ලිපි විවෘත කිරීමට හැකියාවක් නොමැති නිසා බව විජිත හේරත් මන්ත්‍රීවරයා වැඩිදුරටත් සඳහන් කළා.

ඉල්ලා අස්වීම

ලිට්රෝ ගෑස් සමාගමේ නව සභාපතිවරයා වන විජිත හේරත් මහතා මීට පෙර ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා.

ඔහුව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති ධූරයට පත් කළේ එම ධුරය දැරූ තෙසර ජයසිංහ මහතා එම ධූරයෙන් ඉල්ලා අස් වූ නිසා ඇති වූ පුරප්පාඩුව සදහායි.