hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 11, ප.ව. 5:05



හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඇතුලු පවුලේ සාමාජිකයන් ත්‍රිකුණාමලයේ පිහිටි නැගෙනහිර නාවික හමුදා විධාන මුලස්ථානයේ රැදි සිටින බැවින් ඒ අවට හා ත්‍රිකුණාමල නගරයට පිවිසෙන සියලු මාර්ග වල මාර්ග බාධක යොදා  යුධ හමුදාව විසින් දැඩි ආරක්ෂාවක් අද (11)  යොදවා ඇති අයුරු දක්නට ලැබුණු බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

නැගෙනහිර නාවික හමුදා මුලස්ථානයට පිවිසෙන ප්‍රධාන පිවිසුම් මාර්ග දෙක මාර්ග බාධක යොදා තිබු අතර එම මාර්ග බාධක හරහා ගමන් ගන්නා පිරිස් පුර්ණ පරික්ෂාවකට ලක් කිරිමට ආරක්ෂක අංශ කටයුතු කර තිබෙනවා.

නාවික හමුදා විධාන මුලස්ථානයට පිවිසෙන තටාංගනය පාර උසාවිය හන්දියෙන් මාර්ග බාධක යොදා තිබු අතර ඇතුලු වරාය පාර වරාය පොලිසියට නුදුරින් මාර්ගබාධක යොදා තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ වන විට ඇදිරිනීතිය හේතුවෙන් ත්‍රිකුණාමල නගරයේ පාලු ස්වාභාවයක් ගෙන ඇති අතර ඊයේ (10) කිසිදු විරෝධතාවයක් නොපැවතිම විශේෂත්වයක් වෙනවා

(ත්‍රිකුණාමලය – අමදෝරු අමරජිව)