hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 සැප්‍තැම්‍බර් 24, ප.ව. 2:20



නියමිත ප්‍රමිතියන්ට අනුව නිෂ්පාදනය කළ ත්‍රිපෝෂ අඛණ්ඩව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වෙත බෙදාහරින බව ලංකා ත්‍රිපෝෂ සමාගම පවසනවා.

එහි සභාපති දීප්ති කුලරත්න මහතා පැවසුවේ එම නිෂ්පාදන සමග ත්‍රිපෝෂ නිෂ්පාදනයට යොදා ගත් බඩඉරිඟු තොගයේ ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය පිළිබඳ වාර්තාවක් ද යොමු කරන බවයි.

කෙසේ වෙතත් පවතින තත්ත්වය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිර්දේශ කර ඇති ප්‍රතිශතයන්ට අනුව ත්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා බඩ ඉරිඟු සොයා ගැනීමට අපහසු වී ඇති බව ඔහු පැවසුවා.

මේ අතර, ත්‍රිපෝෂ තොගයක ඇෆ්ලටොක්සීන් ප්‍රතිශතය නිසි ප්‍රමාණයට ඉක්මවා ඇති බවට කළ ප්‍රකාශය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙහෙයවන විමර්ශනය තවදුරටත් ක්‍රියාත්මකයි.