hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 19, ප.ව. 5:18



රක්ෂිත බන්ධනාගාරගතව සිටිමින් අනවසරයෙන් ලබා ගන්නා ලද දුරකතනයක් හරහා පුද්ගලයෙකු අමතා තමාට ඇප ලබා ගැනීම සඳහා ලක්ෂ 300ක මුදලක් ලබා දෙන ලෙසට තිළිණි ප්‍රියමාලි යන අය ඉල්ලා ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (19) කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශිලනි පෙරේරා හමුවේ ප්‍රකාශ කළා.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින තිළිණි ප්‍රියමාලි යන අයට එරෙහි නඩුව අද (19) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කරුණු වාර්තා කළා.

සැකකාරිය විසින් බන්ධනාගාරය තුළදී අනවසරයෙන් තබා ගන්නා ලද දුරකතන සම්බන්ධයෙන් සිදුකරන ලද විමර්ශනවලදී මේ බව අනාවරණය වී ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය හමුවේ පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: