hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 15, ප.ව. 4:11



මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කරන සිටින තිළිණි ප්‍රියමාලි නැමැත්තිය අද (15) ස්ථාන පරීක්ෂාවක් සඳහා රැගෙන ගොස් තිබෙනවා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හා බන්ධනාගාර නිලධාරීන්ගේ විශේෂ ආරක්ෂාව යටතේ සැකකාරියව එලෙස රැගෙන ගිය බව බන්ධනාගර මාධ්‍ය ප්‍රකාශක, අතිරේක බන්ධනාගාර කොමසාරිස් ජනරාල් චන්දන ඒකනායක මහතා පැවසුවා.

සිද්ධියට අදාළව පසුගිය 05 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

අනතුරුව පසුගිය 06 වැනිදා කොටුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කෙරුණු අතර සැකකාරිය මේ වන විට වැලිකඩ බන්ධනාගාරයේ කාන්තා අංශයේ රඳවා සිටිනවා.

කොළඹ කොටුව ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වැනි මහලේ කාර්යාලයක් පවත්වාගෙන යමින් දැවැන්ත මූල්‍ය වංචාවක නිරතවීමක් සම්බන්ධයෙන් මේ වන විට ඇයට එරෙහිව පැමිණිලි රැසක් ලැබී තිබෙනවා.

ඇය වංචාකර ඇති මුදල් අගය රුපියල් බිලියන දෙක හමාරකට (කෝටි 250ක්) අධික බවයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සදහන් කරයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: