hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 12, ප.ව. 4:27



ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතාට අයත් පෞද්ගලික නිවසක රැඳී සිටින බවට සමාජ මාධ්‍ය වෙත මුදා හැර ඇති හඬපටයේ කිසිදු සත්‍යතාවක් නොමැති බව ගුවන් හමුදාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

මෙය ගුවන් හමුදාවේ සහ ගුවන් හමුදාපතිවරයාගේ කීර්ති නාමයට හානි කිරීම සඳහාත්, ජනතාවට ගුවන් හමුදාව කෙරෙහි වෛරයක්, ක්‍රෝධයක් පැතිරවීමේ පටු අවස්ථාවාදී අරමුණ සක්ෂාත් කර ගැනීම සදහා පළකරන ලද ප්‍රවෘත්තියක් බවත් එම නිවේදනයේ සඳහන් වෙනවා.

එම සම්පුර්ණ නිවේදනය පහතින්,