hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 25, ප.ව. 9:26



දැන් අලුත්ම රැල්ල සබන් කැට එකතු කිරීමේ රැල්ලයි.

ඒ සබන් කැටයක මිල 125% කින් පමණ ඉදිරියේම ඉහළ යෑමට නියමිත නිසා.

මිල ඉහළට

රුපියල් හැට ගණන් වලට සහ හැත්තෑ ගණන් වලට තිබෙන සබන් කැට වල මිල අදාල සබන් සමාගම් විසින් ඉහළ දමනු ඇති බවට ප්‍රකාශ වී තිබෙනවා.

මේ හේතුවෙන් සුපිරි වෙළෙද සැල් වල පමණක් නොව සාමාන්‍ය සිල්ලර කඩවලද අඩුවට තිබෙන පරණ තොග මේ වන විට පාරිභෝගිකයන් විසින් විශාල ප්‍රමාණ වශයෙන් මිලට ගමින් සිටිනවා.

සබන් වර්ග දෙකම

ඒ අතරට ඇගේ ගාන සබන් මෙන්ම රෙදි හෝදන සබන්ද ඇතුළත්.

මේ සම්බන්ධයෙන් බොහෝ පාරිභෝගිකයන් සඳහන් කරන්නේ කාලත් හමාරයි නාලත් හමාරයි යනුවෙන්.