hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 13, ප.ව. 5:45



ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රමුඛ ත්‍රිවිධ හමුදාපතිවරුන් සහ පොලිස්පතිවරයා විසින් මීට සුළු මොහොතකට පෙර ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කළා.

එහිදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා කියා සිටියේ මීළඟ ජනාධිපතිවරයා පත්වන තෙක් රටේ සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාමට ත්‍රිවිධ හමුදාවට සහ පොලිසියට සහයෝගය ලබාදෙන ලෙසයි.

පොලිසිය සහ ත්‍රිවිද හමුදාව මේ දක්වා පවතින ව්‍යවස්ථාවට අනුව කටයුතු කළ බවත් එමෙන්ම ජනාධිපතිවරයාගේ ඉල්ලා අස්වීම සිදුවන බවට කතානායකවරයා තමන්ට දැනුම්දුන් බවත් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළා.

ජනාධිපතිතුමාගේ ඉල්ලා අස්වීමත් සමග ඉදිරියේදී පත්වීමට නියමිත ජනාධිපතිවරයා පත්වන තෙක් වන කාලසීමාව තුල ගනු ලබන ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද කතානායකවරයා සමග සාකච්ඡා කළ බවද ඔහු සදහන් කළා.

රාජ්‍ය හෝ පෞද්ගලික දේපළ විනාශ නොකර සාමය පවත්වාගෙන යාමට සහය වන ලෙසටයි ඔහු දැනුම්දෙන්නේ.