hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 දෙසැම්‍බර් 11, පෙ.ව. 9:51



ගූගල් සෙවුම් මෘදුකාංගයට අනුව ලිංගිකත්වය හෙවත් ‘SEX’ ගැන සෙවීමෙන් මේ වසරේදීත් ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබෙනවා.

එම දර්ශකයේ දෙවන ස්ථානය වියට්නාමයටත් තෙවැනි ස්ථානය බංග්ලාදේශයටත් හිමිව තිබෙනවා.

Google Trends මේ වසර වෙනුවෙන් නිකුත් කළ නවතම වාර්තාවේ මේ බව සඳහන්.

ඒ අනුව මෙරට වැඩි වශයෙන් SEX යෙදුම භාවිත කර ඇත්තේ උතුරු මැද පළාතේ බව එම වාර්තාවේ දැක්වෙනවා.

ඌව සහ නැගෙනහිර පළාත් පිළිවෙලින් දෙවැනි සහ තුන්වෙනි ස්ථාන හිමිකරගෙන තිබෙනවා.

මීට පෙර වසර කිහිපයකදීත් SEX යන වචනය Google යෙදවුම හරහා සොයා ශ්‍රී ලංකාව පළමු ස්ථානයට පත්ව තිබුණා.