hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 15, පෙ.ව. 9:22



හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ඉල්ලා අස්වීම කතානායකවරයාට බාර දී ඇති අතර ඒ අනුව මේවන විට ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරය පුරප්පඩු වී තිබෙනවා.

ඒ අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩ බලන ජනාධිපති ලෙස අද(15) දිවුරුම් දීමට නියමිතයි.

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධුරයෙන් ඉල්ලා අස්වූ බවට නිල වශයෙන් නිවෙිදනය කිරීමෙන් අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙි ප්‍රතිපාදනය අනුව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වැඩබලන ජනාධිපති ධුරයෙහි මෙලෙස දිවුරුම් දෙනු ඇති.

මේ අතර කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී අගමැතිවරයෙකු තෝරා ගැනීමට නියමිත බව වාර්තා වනවා.

සර්ව පාක්ෂික ආණ්ඩුවක අග්‍රාමාත්‍ය ධුරය සඳහා විපක්ෂය විසින් යෝජනා කරන නම අද පැවැත්වෙන පක්ෂ නායක රැස්වීමේදී කථානායකවරයා වෙත ඉදිරිපත් කිරීමට තීරණය කර තිබෙනවා.

සමගි ජන බලවේගයේ මහ ලේකම් රංජිත් මද්දුමබණ්ඩාර පැවසුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නම අග්‍රාමාත්‍ය ධුරය සඳහා සදහා යෝජනා වූ බවයි.

විපක්ෂයේ පක්ෂ සහභාගිත්වයෙන් ඊයේ පැවති විශේෂ සකච්ඡාවකදී මෙම තීරණය ගෙන තිබෙනවා.

‍අදාළ සාකච්ඡාවට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂ 10 නියෝජිතයන්, ලංකා කම්කරු කොංග්‍රසය, ස්වාධීන වූ මන්ත්‍රීවරුන් සහ ඩලස් අලහප්පෙරුම මහතාගේ නියෝජිතයා ලෙස ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා ද සහභාගි වී තිබෙනවා.

කෙසේවෙතත් මෙම සාකච්ඡාවට ජනතා විමුක්ති පෙරමුණ සහභාගී වී නැහැ.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: