2022 අප්‍රේල් 28, පෙ.ව. 9:26
තව දින 3 කින් ලෝක කම්කරු දිනය සැමරීමට නියමිතයි.
මැයි 1දාට යෙදෙන ලෝක කම්කරු දිනය නිමිත්තෙන් මැයි රැළි නොපැවැත්වීමට ප්‍රධාන පක්ෂ දෙකක් තීරණය කොට තිබෙනවා.
පක්ෂ දෙක
ඒ පාලක පොදුජන පෙරමුණ සහ හිටපු ආණ්ඩුව කළ එක්සත් ජාතික පක්ෂයයි.
විශේෂයෙන්ම පොදුජන පෙරමුණ මෙවර දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට සූදානමින් සිටියේ.
ඉකුත් මාර්තු මස විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මහත්වරුන් ඇමති ධුරවලින් ඉවත් කිරීමෙන් පසු ඔවුන් නියෝජනය කරන පක්ෂ 11 සන්ධානය දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට ඒ අවස්ථාවේ තීරණය කළා.
ඊට ප්‍රතිචාර දැක්වීමට පොදුජන පෙරමුණද ගාලු මුවදොර පිටියේ දැවැන්ත මැයි රැලියක් පැවැත්වීමට පක්ෂයේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ මහතා තීරණය කර තිබුණා.
දේශපාලන කුණාටුව
එහෙත් ඉන් පසුව විශේෂයෙන්ම මේ මස තුළ ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම ඇති වූ අර්බුදකාරී තත්ත්වය මත ආණ්ඩුවේම මන්ත්‍රීවරුන් කණ්ඩායම් තුනක් මේ වන විටත් ස්වාධීනවයි සිටින්නේ.
ඒ හැරුණුකොට පොදුජන පෙරමුණ මැයි දිනය පැවැත්වීමට තීරණය කොට තිබූ ගාලු මුවදොර මේ වන විට තරුණ අරගලකරුවන් විසින් සිය ග්‍රහණයටද ගෙන තිබෙනවා.
ඒ අනුව මෙවර මැයි රැළි පවත්වන ප්‍රධාන පක්ෂ වන්නේ සමගි ජන බලවේගය සහ ජනතා විමුක්ති පෙරමුණ පමණයි.
ජනතා විමුක්ති පෙරමුණ මුල් වූ ජාතික ජන බලවේගය මෙවර දිවයිනේ සිව් කොනම ආවරණය වන පරිදි මැයි රැලි 4 ක් පැවැත්වීමට තීරණය කොට තිබෙනවා.
2022 දෙසැම්බර් 24, ප.ව. 2:37
2022 දෙසැම්බර් 24, පෙ.ව. 6:44
2022 දෙසැම්බර් 24, පෙ.ව. 5:42
2022 දෙසැම්බර් 24, පෙ.ව. 4:27
2022 දෙසැම්බර් 24, පෙ.ව. 2:31