hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 නොවැම්‍බර් 02, පෙ.ව. 6:07



වෘත්තීය සමිති, බහුජන සංවිධාන සහ දේශපාලන පක්ෂ ඒකාබද්ධව සංවිධානය කරන රජයට එරෙහි විරෝධතා රැලියක් හා පා ගමනක් අද (02) කොළඹදී පැවැත්වෙනවා.

මරදාන එල්ෆින්ස්ටන් රඟහල ඉදිරිපිටින් අද සවස 3.00ට මෙම විරෝධතා පා ගමන ආරම්භ වන අතර එය අවසානයේ රැලියක් පැවැත්වීමට නියමිතයි.

‘මර්දනයට, ආර්ථික පීඩනයට එරෙහිව නැගී සිටිමු, අයිතීන් වෙනුවෙන් සටන් වදිමු’ මැයෙන් සංවිධානය කර ඇති මෙම විරෝධතාවට තරුණ නීතිඥයන්ගේ සංගමය, ලංකා ගුරු සංගමය, තරුණ ජනමාධ්‍යවේදීන්ගේ සංගමය, ශ්‍රී ලංකා ටෙලිකොම් සේවක සංගමය, කම්කරු එක්සත් සම්මේලනය ඇතුළු වෘත්තීය සමිති හා බහුජන සංවිධාන රැසක් සහාය පළ කරන බව එහි සංවිධායකයෝ පවසයි.

සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, දෙමළ ජාතික සන්ධානය, නිදහස ජාතික සභාව හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය ඇතුළු දේශපාලන පක්ෂ රැසක් ම මෙම විරෝධයට සහභාගි වන නමුත් ජනතා විමුක්ති පෙරමුණ ඊට සම්බන්ධ වන්නේ නැත.