hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 08, පෙ.ව. 9:44



රජය මගින් ආරම්භ කර අසාර්ථක වූ කාබනික පොහොර නිෂ්පාදන ව්‍යාපෘතියක් සඳහා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමෙන් නීති විරෝධී ලෙස ලබාගෙන ඇති රුපියල් බිලියන 2 ක මුදලක් ආපසු එම කොමිසමට ගෙවා නැති බව රජයේ ආරංචි මාර්ග පවසනවා.

එම මුදල ලබාගෙන ඇත්තේ ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ අරමුදලින්.

ඉකුත් වසරේ ජූනි මාසයේදී එවකට ඉඩම් ඇමැති වූ එස්. එම්. චන්ද්‍රසේන මහතා විසින් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව මගින් ක්‍රියාත්මක කිරීමට නියමිත කාබනික පොහොර ව්‍යාපෘතියක් සඳහා රුපියල් මිලියන 700 ක මුදලක් මුදාහරින බව සඳහන් කර තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙසේ නිපදවන පොහොර කෘෂිකර්ම අමාත්‍යාංශයට අලෙවි කරන බවත්, එසේ ලැබෙන මුදල් මෙම කාබනික පොහොර ව්‍යාපෘතියේ අභිවෘද්ධිය සඳහා නැවත යොදවන බවත් ඇමැතිවරයා සඳහන් කර තිබුණා.

කෙසේ වුවද මේ වෙනුවෙන් ලබාගෙන ඇති මුදල රුපියල් මිලියන 700 ක් නොව රුපියල් මිලියන 2000 ක් හෙවත් රුපියල් බිලියන දෙකක් බව හෙළිවී තිබෙනවා.

මෙසේ මුදල් ලබා ගැනීම ඉඩම් ප්‍රතිසංස්කරණ නීතියට සම්පූර්ණයෙන්ම පටහැනි බවයි වාර්තා වන්නේ.

එනම් කිසිදු ආකාරයක ලාභ ලබන ව්‍යාපෘතියක් සඳහා මුදල් යෙදවීම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට තහනම්ය.

එම කොමිසමට බලය ඇත්තේ එම කොමිසමට අදාළ කටයුතු සඳහා නියමිත ගෙවීම් භාර ගැනීමට පමණක් බව සඳහන්.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: