hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 19, ප.ව. 7:03



හෙට (20) සිට විදුලි කප්පාදුව උදෑසන කාලයේ සිදුනොකිරීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබෙනවා.

මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මේ වනවිට පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ප්‍රකාශ කර සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීමක් අනුව එම තීරණය ගත් බවයි.

ඒ අනුව හෙට සිට උදෑසන 7 සිට දහවල් 12 දක්වා විදුලි කප්පාදුවක් සිදු නොවේ.

එසේම දහවල් 12 සිට රාත්‍රී 10.30 දක්වා පැය දෙක හමාරක විදුලි කප්පාදුව සිදුකරනු ලබන බව ද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ.

“අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි හෙට සිට උදේ 7 සිට දහවල් 12දක්වා විදුලිය කප්පාදුවකින් තොරව 12න් පස්සේ රාත්‍රී 10.30 දක්වා පැය දෙකහමාරක විදුලි කප්පාදුවක් සිදුකරනවා. අපිට මේ සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය දවස් දෙක තුනකට සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒත් ඒ අනුව අපි ඉල්ලීමක් කරා මහජන උපයෝගිතා කොමිසම මඟින් මෙම තත්ත්වය ලබන සුමාන දෙකේ කරගෙන යෑමට අවශ්‍ය තෙල් සංචිත ප්‍රමාණය අපිය අවශ්‍යයි. ඒ තෙල් සංචිත ප්‍රමාණය ලබාදීමට දේශපාලන අධිකාරිය එකඟතායක් පළකරලා තියෙනවා. ඒ අනුව අපට නැප්තා සහ දැවිතෙල් යන දෙවර්ගය ඉදිරි කාලයෙදී ලැබීමට නියමිතයි.”