hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අගෝස්‍තු 13, පෙ.ව. 6:54



අද (13) පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙන බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා.

ඒ අනුව කොළඹ වාණිජ නගර කලාපය හා කාර්මික කලාපවලට හැර දිවයිනේ සෙසු ප්‍රදේශවලට මෙලෙස පැයක විදුලි කප්පාදුවක් සිදු කෙරෙනු ඇති.

සවස 06.00 සිට රාත්‍රී 09.30 අතර මෙම විදුලි කප්පාදුව සිදු කරන බවයි මහජන උපයෝගීතා කොමිසම වැඩි දුරටත් සඳහන් කළේ.

එසේම 14 වන ඉරිදා දින දිවයිනේ කිසිදු ප්‍රදේශයකට විදුලි කප්පාදුවක් සිදුවන්නේ නැහැ.