hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 17, ප.ව. 12:16



තමිල් මක්කල් විඩුදලෙයි පුලිගල් පක්ෂය හෙවත් ටී.එම්.වී.පී. පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතා අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය ලබා දීමට තීරණය කර ඇති බව වාර්තා වෙනවා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛව ස්ථාපනය කෙරෙන නව ආණ්ඩුවක් සම්බන්ධයෙන් ටී.එම්.වී.පී. පක්ෂයේ ස්ථාවරය පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එම පක්ෂයේ මහලේකම් පී.ප්‍රශාන්තන් මහතා මේ බව කියා සිටියා.

වර්තමානයේ රට දැඩි ආර්ථික අර්බුදයකට ලක්ව ඇති බැවින් එම අර්බුදයෙන් රට ගලවා ගැනීමට අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රමුඛ ආණ්ඩුව ගනු ලබන ඕනෑම නිවැරදී තීරණයන්ට සිය පක්ෂය සහයෝගය ලබා දෙන බව පී. ප්‍රශාන්තන් මහතා පැවසුවා.

මේ අවස්ථාවේ දේශපාලන මතිමතාන්තර, ප්‍රතිපත්ති වෙනස්කම් ගැන සිතීමට වේලාවක් නොවන බවත් රට වැටී ඇති ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒමට නව අගමැතිවරයා ගන්නා නිවැරදි තීන්දු තීරණවලට සහයෝගය ලබා දීමට පක්ෂය තීරණය කර ඇති බව ඒ මහතා සඳහන් කළා.

තවද නැගෙනහිර පළාතේ දෙමළ ජනතාවගේ පැවැත්ම පිළිබඳව ද අවධානය යොමු කරමින් පක්ෂය මෙම තීරණය ගත් බව ද ලේකම්රයා වැඩිදුරටත් සඳහන් කර සිටියා.