hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූලි 24, පෙ.ව. 8:51



වාහනවල ලියාපදිංචි අංකයේ අවසන් ඉලක්කම අනුව සීමා සහිතව ඉන්ධන නිකුත් කිරීම අද (24) දිනයේත් සිදු කෙරෙනවා.

ඒ අනුව අද දිනයේ අවසන් ඉලක්කම 3, 4, 5 වන වාහන සඳහා ඉන්ධන නිකුත් කරනු ලබනවා.

ඉන්ධන නිකුත් කිරීමේදී යතුරුපැදි සඳහා රුපියල් 1500ක්, ත්‍රිරෝද රථ සඳහා රුපියල් 2000ක් සහ අනෙකුත් වාහන සඳහා රුපියල් 7000ක උපරිමයකට යටත්ව ඉන්ධන ලබාදීම සිදු කරනවා.

මේ අතර ලංකා ඛනිජ තෙල් පෞද්ගලික ටැංකි රථ හිමියන්ගේ සංගමය පවසන්නේ ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහරින ටැංකි රථ සංඛ්‍යාව සීමා කර ඇති බවයි.

සාමාන්‍යයෙන් දිනකට ඉන්ධන රැගත් ටැංකි රථ 350 ත්, 400 ත් අතර සංඛ්‍යාවක් පිරවුම්හල් වෙත නිකුත් කෙරුණත්, මේ වනවිට එම සංඛ්‍යාව ටැංකි රථ 200 ක් පමණ දක්වා සීමා කර ඇති බව එම සංගමයේ සම ලේකම් ඩී.වී. ශාන්ත සිල්වා මහතා සඳහන් කරනවා.

කෙසේ වෙතත්, ඉරිදා දිනයක් වූ අද දිනයේදීත් පිරවුම්හල් වෙත ඉන්ධන බෙදාහැරීමේ කටයුතු සිදුකරන බවයි ඔහු කියා සිටියේ.