hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 29, ප.ව. 1:50



ඉන්ධන නොමැති වීම හේතුවෙන් මේවන විට පුවත්පත් බෙදාහැරීමේ කටයුතු නතර වී තිබෙනවා.

විශේෂයෙන් කොළඹින් පිට ප්‍රදේශවල දින කිහිපයකින් පුවත්පත් ලැබී නොමැති බව වාර්තාවනවා.

රජයේ සහ පෞද්ගලික පුවත්පත් ආයතන දිනපතා මුද්‍රණය කරනු ලබන පුවත්පත් අලෙවි නියෝජිතයන් වෙත පුවත්පත් බෙදා හැරිම අද (29) දින සිට තාවකාලිකව නතර කර ඇතැයි වාර්තා වනවා.

රජයේ සහ පෞද්ගලික පුවත්පති ආයතන වල පුවත්පත් බෙදා හරින වාහන වලට අවශ්‍ය ඉන්ධන ලබාගැනිමට නොහැකි වු නිසා දිවයිනේ ප්‍රදේශ රැසකටම පුවත්පත් අලෙවි නියෝජිතයන් වෙත අද (29) දිනට අදාල මුද්‍රණය කරන ලද පුවත්පත් ලැබි නොමැති බවයි ජනතාව කියා සිටියේ.

මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය දිස්ත්‍රික්කයේ පුවත්පත් අලෙවි නියෝජිතයන් කිහිපදෙනෙකුගෙන් කල විමසුමකදී ඔවුන් කියා සිටියේ ඉන්ධන නොමැති නිසා පුවත්පත් බෙදා හැරිම තාවකාලිකව නතර කර ඇති බවට සමාගම් විසින් තමන් වෙත දැනුම් දුන් බවයි.

මේ හේතුවෙන් දෛනික පුවත්පත් අලෙවි කිරිම ජිවන උපාය කරගත් විශාල පිරිසක් පවත්නා තත්ත්වය මත දැඩි පිඩාවට පත් වී තිබෙනවා.