hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ඔක්‍තෝබර් 11, ප.ව. 12:45



අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ තමාට අරගලය දිනවල කිහිප වතාවක්ම හමුවූ බව අධ්‍යාපන රාජ්‍ය ඇමැති සුරේන් රාඝවන් මහතා පවසනවා.

එහිදී මුදලිගේ සමඟ සාකච්ඡා කළ බවත් සාකච්ඡා කළ දේ ගැන මුදලිගේගෙන් ඇහුවොත් ඔහු ඒ බව කියනු ඇති බවත් රාඝවන් රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

වසන්ත මුදලිගේ අත්අඩංගුවට අරගෙන තිබෙන්නේ නවක වද පනත යටතේ නොවන බවත් පෙන්වා දෙන ඒ මහතා රටේ තිබෙන නීති යටතේ අත්අඩංගුවට ගත් බවත් කියා සිටියා.

ඒකේ වරදක් තිබේනම් නීතිඥයන් මාර්ගයෙන් අධිකරණයට කරුණු ඉදිරිපත් කිරීමට හැකියාවක් පවතින බවද ඔහු වැඩිදුරටත් පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: