hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 03, පෙ.ව. 4:18



දෛනිකව සිදුවන මාර්ග තදබදයට විසඳුමක් ලෙසින් කුලියාපිටිය නගර මධ්‍යය ඉදිකර ඇති උමං මාර්ගය ජලයෙන් වැසී යාම හේතුවෙන් පාසැල් සිසුන් මෙන්ම ඒ හරහා ගමන් ගන්නා දස දහස් සංඛ්‍යාත මගින් දැඩි අපහසුතාවයට පත්වී සිටින බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.

එහිදී මුල් කාලයේදී ජලය එක්රැස් වුවහොත් ජල මෝඩ භාවිතයෙන් එම ජලය ඉවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබුණත් මේ වන විට එවන් තත්ත්වයක් නොමැති බවද පදිකයින් පවසනවා.

එමෙන්ම ඇතුළත ජලය පවතින නිසා අසීරුවෙන් හෝ ජලය තරණය කරමින් යන කාන්තාවන්ගේ ප්‍රතිබිම්භය ජලය මත පතිත වීම නිසා එම කාන්තාවන් තවත් අසීරුතාවයට පත් වන්නක් බවද ඔවුන් පවසනවා.

කුඩා දරුවන් බාල මහලු සියලු දෙනා මෙම උමං මගින් ගමන් කිරීමට බියක් දක්වන බවත් අප වාර්තාකරු සදහන් කලා.

ඉකුත් කාලයේ තරුණයන් විසින් බිත්ති චිත්‍රණය කර ඇති මෙම උමං මාර්ග පිරිසුදු පවත්වාගෙන යන අතර මෙසේ ජලය පිරි පිරීමෙන් පත් වන අපහසු තාවයන් මැඩපැවැත් වීමට බලධාරීන් කටයුතු කරන බවක් පෙනෙන්නට නොමැති බවටද පදිකයින් චෝදනා කරනවා.

කුලියාපිටිය – දිනේෂ් උපේන්ද්‍ර