hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 අප්‍රේල් 20, පෙ.ව. 10:10



මීට ටික දිනකට පෙර අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කතා කළා.

එහිදී රට මුහුණ දී සිටින තත්ත්වය ගැන මෙන්ම ඉන් මිදීම සම්බන්ධයෙන්ද කරුණු ඉදිරිපත් කළා.

පිටුපස කතාව

අග්‍රාමාත්‍යවරයා එසේ ජාතිය අමතා කල කතාව පිටුපස තිබෙන කතාව මේ වන විට හෙළිදරව් වී තිබෙනවා.

අග්‍රාමාත්‍යවරයා ජාතිය අමතා කතා කර තිබෙන්නේ හිටපු ඇමතිවරුන්ගේ දැඩි බලපෑම නිසා බවයි වාර්තා වන්නේ.

හිටපු ඇමතිවරයෙකු වූ බන්දුල ගුණවර්ධන මහතා එසේ බලපෑම් කළ අය අතර සිටි ප්‍රමුඛයෙක්.

හිටපු ඇමති මතය

“ඔබ මේ අවස්ථාවේ ජාතිය අමතා තරුණ තරුණියන්ට පණිවිඩයක් දෙන්න.නැතිනම් මේ ගෙවල් වලට කෙරෙන තර්ජන ගර්ජන නතර වන්නේ නැහැ.” යයි ඔහු අග්‍රාමාත්‍යවරයා අමතා සඳහන් කර තිබෙනවා.

ජනතාව තෙල් , ගෑස් පෝලිම්වල සිටිද්දී මම කොහොමද ජාතිය අමතන්නේ ඇයි එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රශ්න කර තිබෙනවා.

ඊට පිළිතුරු ලෙස ගුණවර්ධන මහතා සඳහන් කර තිබෙන්නේ “ඔබතුමා ජාතිය ඇමතුවොත් පොඩි හෝ විසඳුමක් තිබෙනවා”යන්නයි.

එහෙත් අග්‍රාමාත්‍යවරයාට හිතවත් නිලධාරීන් ප්‍රකාශ කොට තිබෙන්නේ තෙල් පෝලිම් , ගෑස් පෝලිම් නැති වූ විට ජාතිය ඇමතීම වඩාත් සුදුසු බවයි.