hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 ජූනි 18, ප.ව. 5:55



තිස්සමහාරාම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අද (18) පෙරවරුවේ පැවති රැස්වීමකට සහභාගී වූ කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා එම ස්ථානයෙන් පිටව යද්දී  ප්‍රාදේශිය ලේකම් කාර්යාල ඉදිරිපිට රැඳී සිටි පිරිසකගෙන් දැඩි විරෝධයක් එල්ල වූ බව වාර්තා වෙනවා.

පෙරගමන් රථය සහ අමාත්‍යවරයාගේ රථය ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් එම විරෝධතාකරුවන් මගහැර අමාත්‍යවරයා එම ස්ථානයෙන් පිටව ගොස් තිබෙනවා.

සමස්ත ලංකා ගොවිජන සම්මේලනය නියෝජනය කරන ගොවීන් පිරිසක් මෙලෙස විරෝධතා පුවරු ද රැගෙන පැමිණ  විරෝධතාවය නිරත වූ බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.