hit counter

2025 අප්‍රේල් මස 02 වන බදාදා

2022 මැයි 30, පෙ.ව. 11:43



වගා කළ හැකි රජයේ ඉඩම් එම ප්‍රදේශයේ ගොවීන්ට වගා කිරීම සදහා ලබා දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා රාජ්‍ය සේවකයන්ගෙන් ඉල්ලා සිටිනවා.

ඒ පිළිබදව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්න මහතා,

“අපිට ඉර හද වගේ විශ්වාසයි යල කන්නයේ දැනට 55% ක් විතර තමයි කුඹුරු වලට බැහැලා තියෙන්නේ. අපි දැඩි ආහාර අර්බුදයකට මුහුණ දෙමින් ඉන්නේ. ඔබට තේරෙනවා ඇති අපි ඉන්නේ ගිනි කන්දක් උඩ. මට දැනෙන හැටියට මේ වෙලාවේ එක මඤ්ඤොක්කා දණ්ඩක් වත් අහක දාන්න එපා. එක බතල දණ්ඩක් වත් කුණු වෙන්නට නොදී හැම මිනිහෙක්ම කොහේ හරි තැනක බිමට යමක් එකතු කළොත් කෙටි කාලීන බෝගයක් අඩුම තරමේ වේල් තුන වේල් දෙකකින් හරි නැත්නම් එක ව්‍යංජනයකින් බතක් හරි කාලා ඉන්න පුළුවන් මට්ටමට හදාගන්න පුළුවන්. මේ තමයි අපි මුහුණ දෙමින් පවතින ඇත්තම තත්වය. මේ වෙලාවේ හැම පන්සලකම, හැම කෝවිලකම, හැම දේවාලයකම පුද පූජා නවත්වලා වගා කරන්න ඕනේ. හැම පාසලක්ම ගුරු දෙගුරු සංගමයක්ම වගා කරන්න ඕනේ. හැම රාජ්‍ය ආයතනයක්ම වගා කරන්න ඕනේ. පසුගිය මතිමතාන්තර අර පිස්සු ආකල්ප වල ඉන්නේ නැතිව සමහර විට ඇහුවාම කියනවා ඉඩමේ වගා කරන්න විදිහක් නැහැ තෙල් නැහැ කියලා. තමන් වගා කරන්න එපා ඒ ගමේ ඉන්න ගොවීන් තුන්දෙනාට දෙන්න ඒ රජයේ ඉඩම වගා කර ගන්න. ඒ නිසා එතනින් පටන් ගන්න.”

විධායකයේ සිට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා දක්වාත්, අමාත්‍යංශ ලේකම්වරයාගේ සිට පහළම නිලධාරීයා දක්වාත් වරප්‍රසාද ලබාගැනීම වසර 10කින් කල්දැමිය යුතු බව මායාදුන්න මහතා පවසනවා.

දැනට මතුව ඇති ගැටලුකාරි වතාවරණයට රාජ්‍ය නිලධාරීන් ඇතුළු සියලු පාර්ශවයන් වගකිවයුතු බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය සංවිධානය කළ වැඩමුළුවකට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.